December 4, 2021

Ada Rata

All news in one location

පවුල් 12,000ක් ගැන අගමැතිගෙන් විශේෂ උපදෙසක්


අවදානම් කලාප වල පදිංචි පවුල් 12,000ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

විපතට පත්වූවන්ට සහන සැලසීම හා වන්දි ලබාදීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් විමසා සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

ආපදාවට ලක්වූ පුද්ගලයින් 31,475 දෙනෙකු ඔවුන්ගේ ඥාති හිත මිතුරන්ගේ නිවෙස්වල රඳවා ඇති බවයි එහිදී අනාවරණ වී තිබෙනවා.

දීර්ඝ කාලයක පටන් අවදානම් කලාපවල පවුල් 15,000ක් පමණ පදිංචිව සිටින බවට හඳුනාගෙන ඇතත්, ඉන් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කර ඇත්තේ පවුල් 3,000ක් පමණක් බව මෙම සාකච්ඡාවේදී අනාවරණ වුණා.

ඒ අනුව ඉතිරි 12,000 කඩිනමින්ම ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කරන ලෙසටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දී තිබෙනවා.
(colombotimes.lk)

Viber

The post පවුල් 12,000ක් ගැන අගමැතිගෙන් විශේෂ උපදෙසක් appeared first on Colombo Times.



Source link