November 29, 2021

Ada Rata

All news in one location

“පරිපාලනයෙන් බුද්ධිය හැළී යාම අහිතකරයි” – උපුල් බී. දිසානායක


තම අත්දැකීම් පාදක කරගෙන උගත්කම් භාවිතා කරමින් විද්‍යාඥයින්, මහාචාර්ය, ආචාර්යවරුන් රජයට දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙන බව උපුල් බී. දිසානායක මහතා පවසනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ජේෂ්ඨ මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙමගින් රටට ව්‍යසනයක් වන බවයි.

ඔහු මේ අදහස් පල කළේ රජය ගන්නා යම් යම් ක්‍රියාමාර්ග සඳහා සහයෝගය දීම සඳහා එක්ව සිටින බුද්ධිමතුන් රජයට දෙන නිර්දේශ පිළි නොගෙන ඔවුන් විවේචනය කිරීම සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දැක්වීම සඳහා අද (28) පේරාදෙණියෙ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රටේ පරිපාලනයෙන් බුද්ධිය හැළී යාම තුළින් රටට විශාල අගාධයකට යෑම වැළැක්වීමට නොහැකි බව ඔහු සඳහන් කළා.

එමෙන්ම බුද්ධිය හැලී යාම තුළින් නවීන තාක්ෂණික ලෝකයේ දියුණුව කරා යාම වෙනුවට රට පල්ලම් බැහීමේ තත්ත්වයක් පවතින බව ද හිටපු කුලපතිවරයා පැවසුවා. (colombotimes.lk)

Viber



Source link