November 29, 2021

Ada Rata

All news in one location

පන්දහසේ දීමනාව ගැනීමට ආයුධයක් රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට


රුපියල් පන්දහසේ දීමනාව බෙදාදීමේ අවස්ථාවට මන්නා පිහියක් රැගෙන පැමිණි බව කියන කාන්තාවක් අද (03 වනදා) හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ,නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්.

මෙම කාන්තාව මන්නා පිහියක් අතැතිව පැමිණ ඡන්ද නාමලේඛනයට තම නම ඇතුළත් කර දෙන ලෙස ග්‍රාම නිලධාරිවරයාට තර්ජනය කර තිබෙන බවයි පොලීසිය පැවසුවේ.

ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් නොවන අයට දීමනාව නොලැබෙන නිසා මෙලෙස නම ඇතුළත් කරන ලෙස ඇය තර්ජනය කර තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)



Source link