October 17, 2021

Ada Rata

All news in one location

පඬුවස්නුවර පෙරළියක් පොහොට්ටුව පරාජය කර නිදහස් පක්ෂය ජයගනී


පඬුවස්නුවර සමුපකාර සමිතිය සඳහා නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත්කර ගැනීමට පැවැති ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට පක්ෂව ඡන්ද 58 ක් ලැබිණි, පඬුවස්නුවර එම සමුපකාර සමිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 58ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16ක්, එක්සත් ජාතික පක්ෂය 06 දෙනෙකු නියෝජනය කරයි.

සමුපකාර සමිතියේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයකු හා අධ්‍යක්ෂවරයෙකු දුෂණ වංචා චෝදනා එල්ලවීම හේතුවෙන් ඉවත් කිරීමෙන් පසුව නව අධ්‍යක්ෂවරයෙකු පත්කරගැනීමට මෙම ඡන්ද විමසීම පවත්වා ඇත.





Source link