November 29, 2021

Ada Rata

All news in one location

පකිස්තානය ඩුබායි පිටියේදී තරග 12 ක වාඩුව ගනී !



ලොවපුරා මිලියන ගණනක් වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් සාතිශය බහුතරයක් ඊයේ රාත්‍රී ඩුබායි ජාත්‍යන්තර පිටියේ පැවති ඉන්දු-පකිස්තාන් ක්‍රිකට් සංග්‍රාමය නරඹනු ඇති බවට කිසිදු සැකයක් නොමැත.

ඉතිහාසය පුරාම ඉන්දු – පකිස්තාන් ක්‍රිකට් තරගයකට හිමිවූයේ ඉතා දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ශනයකි. එය ක්‍රිකට් තරගයක්ම පමණක් නොව ඉන්දු – පකිස්තාන හමුදා සාමාජිකයන් අතර මුහුණ මුහුණ ලා සිදුවන යුද ගැටුමක් හා සමානය.

ඊයේ රාත්‍රී පැවති ක්‍රිකට් සංග්‍රාමයෙන් ඉන්දියාවට අවමන් සහගත පරාජයක් අත්කර දීමට පකිස්තානු නායක බාබර් අසාම් සහ මොහමඩ් රිස්වාන් සමත් විය. ඒ ප්‍රතිවාදීන් කඩුලු 10 කින් පරාජයට පත් කරමිනි.

මීට‍ පෙර ලෝක කුසලාන තරගාවලිවලදී දෙරට හමු වූ අවසන් තරග 12 දීම ඉන්දියාව ජයගෙන තිබූ අතර මේ නිසා පකිස්තානය ඊයේ තරගයට මුහුණ දුන්නේ මරාගෙන මැරෙන සටනකට වුවද අවතීර්ණ වීමේ අපේක්ෂාවෙනි. අවසානයේදී වසර ගණනාවක් සිහින මවමින් සිටි ඒ අසිරිමත් ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්කර ගැනීමට පකිස්තානුවන් සමත් විය.

මෙවර ලෝක කුසලානය පරාජයට පත් වුවද බාබර් අසාම් ප්‍රමුඛ පකිස්තානුවන්ට හිස කෙලින් තබාගෙන යළිත් සිය මව්බිමට ගොඩබැසීමට හැකිවනු ඇත. පකිස්තානු ප්‍රේක්ෂකයන්ටද ලෝක කුසලානයටත් වඩා ඊයේ ලැබූ විජයග්‍රහණය වටිනා සිහිවටනයක් වනු ඇත.

තරගයේ ලකුණු පුවරුව….

UN




Source link