December 4, 2021

Ada Rata

All news in one location

නෞකාව ගිනිගැනීම බටහිර මුහුද අල්ලා ගැනීමේ චීන සැලසුමක්..


June 4, 2021 at 1:20 pm |

නෞකාව ගිනිගැනීම බටහිර මුහුද අල්ලා ගැනීමේ චීන සැලසුමක්..

කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමෙන් විනාශයට පත් වූ නෞකා අනතුර ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු කලාපය අල්ලා ගැනීම සඳහා චීනය කළ සැලසුමක් දැයි සැක සහිත බව පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ බටහිර මුහුද ජීවීන් විනාශ කර දමා වද භූමියක් කර එය අල්ලා ගැනීමට චීන සමාගම සැලසුම් කර ඇත් දැයි සැක සහිත බව ද ඔහු පැවසීය.

කොළඹ වරාය නගරයෙන් ආරම්භ වූ ඉඩම් අල්ලා ගැනීමේ ක්‍රියාවලිය ප‍්‍රධාන මර්මස්ථාන අහිමි වීම දක්වා දීර්ඝ වී තිබෙන බවද පැවසූ ඔහු මෙරට සාගර කලාපය නිසරු කලාපයක් කර එය අල්ලා ගැනීමද චීන සැලසුමක් විය හැකි යයිද ඔහු කියයි.

නෞකා අනතුරෙන් පසු මෙරට බටහිර මුහුදු තීරය ගොළු මුහුදක් වීමට නියමිත බවත් යලි යථා තත්ත්වයට පත් වීමට අවම වශයෙන් වසර 50ක් පමණ ගතවනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

8,233 views



Source link