November 30, 2021

Ada Rata

All news in one location

නුවර අමන මැරයින් විදුලි බල මණ්ඩල නිලධාරීන්ට පහර දෙයි.


මහනුවර පුෂ්පදාන මාවතේ විදුලි රැහැන් ගෙන යන කණුවක් නිවසක් මතට කඩා වැටීමෙන් අනතුරු ව එම ස්ථානය පරික්ෂා කිරීමට ගිය විදුලි බල මණ්ඩල සේවක පිරිසට ගම්මුන් බව කියා ගන්නා මැරයින් පිරිසක් පහර දීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇති වුණා.

සමාජ මාධ්‍ය ඔස්සේද මෙම සිදු වීම දැක ගැනීමට හැකි වූ අතර එය පැහැදිලිව ම ඔවුන් වෙත එල්ල වූ මැර ප්‍රහාරයක් බව පෙනෙන්ටට තිබුනා.රජයේ පාර්ශවයක් මගින් අලාභානියක් සිදුවන් අවස්ථාවක ඒ වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවතින අතරම වරදක් සිදු වී ඇත්නම් එය විසදා ගත යුතු ක්‍රමවේදයන් පවතින බැවින් මෙලෙස අමනුෂ්‍ය වෙසින් ක්‍රියා කිරීම අනුමත කළ නොහැකිය.

රටේ දේශපාලන අමනයින් විකල් මනසින් ක්‍රියා කරන ආකාරයට ම පොදු ජනතාවද හැසිරෙන්නේ නම් මේ රට කිසි ලෙසකින් නිවැරදි දිශානතියකට ගමන් නොකරනු ඇත.මෙවැනි සිදුවීම් වලට සිනහ නගමින් “නියම පෝරියල්” එක යැයි සතුටු වන ඔබටද මේ පොළොවේ එම ඉරණම අත් විදීමට වැඩි කල් ගත නොවනු ඇත.





Source link