October 18, 2021

Ada Rata

All news in one location

නීතිවිරෝධී ලෙස පිටිමිල වැඩි කළ සෙරන්ඩිබ් සමාගමට නඩු



පිටි මිල කිසිසේත්ම ඉහළ දැමීමට අවසර ලබා නොදෙන බව පාරි‍භෝගික අධිකාරිය පවසනවා. එම අධිකාරියෙන් අවසර ලබා නොගෙන පිටි මිල ඉහළ දැමූ සෙරන්ඩිබ් සමාගමට එරෙහිව නඩු පැවරීමටද පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් ප්‍රීමා සමාගම පිටි මිල ඉහළ දැමීමට තීරණය කර නොතිබිණි.

සෙරන්ඩිබ් සමාගම පිටි කිලෝ 01 ක මිල රුපියල් 18 කින් ඉහළ දැමීමට තීරණය කර තිබූ අතර ඊට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබිණි. කෙසේ නමුත් පිටි මිල ඉහළ නොදැමීමට තීරණය කිරීමත් සමග බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීම අහෝසි කිරීමටයි බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙන්නේ.

ඉන්ධන මිල වැඩි කිරිමත් සමග පාන් රාත්තලක මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබිනි.

UN




Source link