October 20, 2021

Ada Rata

All news in one location

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට


කුට්ටිගල පොලිස් වසමේ තුංකම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධීව මෙරටට රැගෙනවිත් තිබූ දුම්වැටි තොගයක් සමග 44 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීම සිදුකර තිබුණේ අම්බලන්තොට STF කඳවුරේ නිලධාරීන් විසින් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරු තුංකම පොලීසියට භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)

Viber



Source link