October 25, 2021

Ada Rata

All news in one location

නීතිපතිවරයාගෙන් මහජනතාවට කෙරෙන දැනුම් දීමක්!



තමන්ගේ ධුර කාලය තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාස්කු ප්‍රහාරය සැලසුම් කළ,ඊට ආධාර අනුබල දුන්,ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකරමින් වගකීම පැහැර හැරි කිසිවෙකුට හෝ  එරෙහිව චෝදනා ගොණු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහජනතාවට දැනුම් දෙයි.

එයට හේතු වී තිබෙන්නේ ඊට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන සම්පූර්ණ නොවී තිබීම බවයි දප්පුල ද ලිවේරා මහතා  සඳහන් කරන්නේ. 

වත්මන් නීතිපති දප්පුල ද ලිවේර මහතාගේ සේවා කාලය මෙම මස අවසානයේදී අවසන් වන අතර නව නීතිපතිවරයා ලෙස පත්කිරීමට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්නම් මහතාගේ නම පාර්ලිමේන්තු සභාවට යෝජනා කර ඇත. 




Source link