October 17, 2021

Ada Rata

All news in one location

නිවැරදි දත්ත එන්නේ නැත්නම් ඒ ගැන විමර්ශනය කරනවා මිස වසංගත රෝග ප්‍රධානියා ඉවත් කරලා හරියනවද? (VIDEO)



කොවිඩ් මරණ ගැන හෝ ඊට අදාළ නිවැරදි දත්ත වාර්තා නොවන්නේ නම් වසංගත රෝග විද්‍යා ප්‍රධානියා ඉවත් කිරීමට පෙර ජනාධිපතිවරයා කළ යුත්තේ එම දත්ත නිසි ලෙස නොලැබීම ගැන විමර්ශනයක් කිරීම බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

ඒ,අද (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

කොවිඩ් කමිටුවේදී කොවිඩ් මරණ වාර්තා වීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න සහගත තත්ත්වයේදී වසංගත රෝග ප්‍රධානියා වගකිව යුතු බවට කිසිවෙක් හෝ පවසන්නේ නම් එයට එකඟ විය නොහැකි අතර මරණ පිළිබඳ තොරතුරු වාර්තා කරන රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලද ඊට වගකිව යුතු බවයි රත්නප්‍රිය මහතා කියාසිටියේ. 

”මරණ 55ක් වාර්තා වුණත් 61ක් වාර්තා වුණත් මේක ඇතුළේ පරණ දත්ත තියෙනවාමයි. පරණ දත්ත පරණ කරලා එවපු රෝහල් කාර්යාල මණ්ඩල,රෝහල් ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල නිලධාරීන් වගකියන්න ඕනේ. වසංගත රෝග විද්‍යා අංශයේත් වැරැද්දක් තියෙනවා. දිගටම එහෙම ප්‍රමාද වෙලා එද්දී වැරැද්ද කොහෙද කියලා විග්‍රහ කරන්න ඕනේ. තමන්ගේ ඉහළ ප්‍රධානියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,සෞඛ්‍ය ලේකම් සමඟ කතා කරන්න ඕනේ. ඇමතිතුමිය ඉන්න රැස්වීම්වල කතා කරන්න ඕනේ. එහෙම කතා කරලා උත්තර ලැබුණේ නැද්ද කියන්න අපි දන්නේ නැහැ. එහෙම නම් ඉහළ බලධාරීනුත් මේකට වගකියන්න ඕනේ. මේකට වසංගත ප්‍රධානියා ඉවත් කරලා හරියන්නේ නැහැ. කොවිඩ් මර්දනය දැන් කොහොමත් අසාර්ථකයි.”

කොවිඩ් මරණ ගැන දත්ත පමණක් නොව ලොක්ඩවුන් කිරීමද ආසාර්ථක වී තිබෙන බවයි සමන් රත්නප්‍රිය මහතා කියාසිටියේ. 

අවසානයේදී සිදුවන්නේ ආර්ථික හානියක් බවද ඔහු අවධාරණය කරන ලදී. 

ASK 




Source link