January 26, 2022

Ada Rata

All news in one location

නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාත වල වෙනසක්


උකස්කර මත ලබා දෙන නිවාස ණය සඳහා අය කළ හැකි උපරිම පොලී අනුපාත සම්බන්ධයෙන්, මුදල් නීති පනතේ නියෝග යටතේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ණය ලබා දුන් දිනයේ සිට පළමු වසර 5 සඳහා ස්ථාවර පොලී අනුපාතිකයක් ද, ඉන් අනතුරුව පොලී අනුපාතය, මාසිකව සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය අනුපාතයට (AWPR) පදනම් අංක 200 ක අගයයක් එකතු කළ පාවෙන අනුපාතිකයක් විය යුතු බවත්, එය සෑම මාස 06කට වරක් නැවත සමාලෝචනය කෙරෙන බවත් සඳහන්.

මෙම නියමයන් 2022 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙනු ඇති.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්…
(colombotimes.lk)

Viber



Source link