October 27, 2021

Ada Rata

All news in one location

නිවසේ සිටින සුරතලුන්ව කොවිඩ් වාහකයින් බවට පත් නොකරන්න


කොවිඩ් 19 වෛරසය මිනිසාගෙන් සතුන්ට බෝ වීමේ තත්වයක් පවතින බැවින් කොවිඩ් ආසාදිතව සිටින පුද්ගලයින්  සතුන්ගෙන් ඈත් වී සිටීම අතිශය වැදගත් බව පශු වෛද්‍යවරුන් පවසනවා.

එසේම යම් හෙයකින් කොවිඩ් ආසාදිත ප්‍රදේශවල වෙසෙන ගෘහස්ථ සතුන් වන බල්ලන් හා පූසන් ශ්වසනට ආබාධ ඇතැයි සැකයක් පවතී නම් ඒ පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන ලෙසත්  ලඟම ඇති පශු වෛද්‍ය කාර්යාලයට දැන්වීමට කටයුතු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

ලෝකයේ කළ පර්යේෂණවලින් වැඩි වශයෙන්ම කොවිඩ් ආසාදනය වීමේ අවදානම ඇත්තේ බළල් පවුලේ සතුන්ට බවත් හරකා ද ලංකාව තුළ වැඩි කොවිඩ් අවදානමට ලක්ව සිටින සතෙක් බවද  ඔවුන් සඳහන් කර සිටිනවා.



Source link