December 4, 2021

Ada Rata

All news in one location

නිර්දේශ ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත නම් පාස්කු ප්‍රහාරයේ සත්‍යතාව හොයාගන්න පුළුවන්!(VIDEO)



ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි සිරිල් ගාමිණී පියතුමා පැය 08ක පමණ කාලයක් එම ප්‍රකාශය ලබා දී තිබුණු අතර යළි හෙට දිනයේදීද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. 

පිටතට පැමිණි පියතුමා මාධ්‍ය වෙතද අදහස් දැක්වූ අතර එහිදී පැවසුවේ තමන් කළ ප්‍රකාශ පදනම් වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරුණු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ අඩංගු කරුණු සහ පාර්ලිමේන්තු කාරක සභාවේ අවසන් වාර්තාවේ දක්වා තිබුණු කරුණු මත බවයි. 

කෙසේවෙතත් එම වාර්තා මඟින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුත්තේ නීතිපතිවරයා බවද පියතුමා පැහැදිලි කළහ. 

එසේම එම අවසන් වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කළහොත් පාස්කු ප්‍රහාරයේ සත්‍යතාව සොයා ගැනීමට හැකි වනු ඇති බවද උන්වහන්සේ කියා සිටියහ. 

ASK 




Source link