November 29, 2021

Ada Rata

All news in one location

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ තවත් පොලිස් පුටු කිහිපයක වෙනසක්


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ප්‍රසාද් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත මාරුකර තිබෙනවා.

ඒ අනුව මාතර සහ හම්බන්තොට භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ඩබ්ලිව්. තිලකරත්න මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර තිබෙනවා.

මුල්ලේරියාව, ගොතටුව, පෙත්තපිටිය, පල්ලෙවෙල, මොනරාගල, ඇත්මලේ සහ වීරගුල පොලිස් ස්ථානාධිපතිවරුන්ව ද සේවා අවශ්‍යතා මත මාරුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ.
(colombotimes.lk)

Viber



Source link