November 29, 2021

Ada Rata

All news in one location

නැවේ ගින්න බරපතල ලෙස සැක සහිතයි



නැවේ අනතුර සමඟ බටහිර සමුද්‍ර කලාපය අල්ලා ගැනීම සඳහා ධීවරයින් පන්නා දමා,වද භූමියක් කර,ජීවීන් විනාශ කර චීනය ඇතුළු සමාගම් වෙත අල්ලා ගැනීමට අදාළව සැලසුම් සකස් කළාද යන සාධාරණ සැකයක් මතුව තිබෙන බව එක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවසුවේය.

ඒ,අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. 

පොර්ට් සිටියෙන් ආරම්භ වූ ඉඩම් අල්ලා ගැනීමේ ක්‍රියාවලිය කොළඹ මර්මස්ථාන අහිමි වීම දක්වා දීර්ඝ වී තිබෙන බවයි ඔහු කියාසිටියේ. 

”දවසින් දවස මිනිස්සු මර බියේ ජීවත් වෙන්නේ. මිනිස්සුන්ව ගෙවල්වලට හිරකරලා තියෙන්නේ මිනිස්සුන්ට තියෙන ආදරයට නෙවෙයි. තියෙන ප්‍රශ්න හමුවේ ජනතාව පාරට බහින්න නියමිතයි කියන සංඥාව ඊයේ පියතුමාන්ලා දුන්නා. කිව්ව ගමන් සතියක් ලොක්ඩවුන් එක දිග්කලා. හොරාට කලින් කෙහෙල්කන වැට පැන්නා. ඒ නිසා තමයි අපට බරපතල සැකයක් තියෙන්නේ මේ කොරෝනාව දැන් යොදාගෙන තියෙන්නේ ජනතාව ආරක්ෂා කරන්න නෙවෙයි. ජනතාවගෙන් ආණ්ඩුව ආරක්ෂා කරගන්න. අපේ බටහිර මුහුදට වෙච්ච මහ විනාශය ගැන සැකයක් තියෙන්නේ ඒ නිසා. රටවල් දෙකක් ප්‍රතික්ෂේප කරපු නෞකාවක් කොහොමද ඇතුල් වුණේ. නෞකාවේ ගින්නක් තිබෙන බව ඒ සමාගම සමාජ මධ්‍යයේ පළකරලා තිබෙනවා. එතකොට මේවා දැක්කේ නැද්ද? අපේ මුහුදු සීමාවට ඇතුල් වෙද්දී ගිනිගනිමින් තිබුණ නෞකාවක් මේ කියන විදිහට. ඇයි මේකට එන්න ඉඩ දුන්නේ. කවුද මේ තීරණය ගත්තේ. ඒ නිසා තමයි බරපතල සැකයක් ඇති වෙන්නේ මේක සැලසුම් සහගත දෙයක්ද කියලා.”

මේ ගිනි ගැනීමෙන් පසු අපගේ බටහිර මුහුද ගොළු මුහුදක් වීමට නියමිත බව චමීර පෙරේරා මහතා කියාසිටියේය. 

සාගර කලාපයට සිදුව ඇති හානිය යළි ගොඩනගන්න තව වසර 50ක් පමණ යන අතර එවැනි තත්ත්වයකදී බටහිර මුහුදු කලාපය නිසරු කලාපයක් බවට පත්කර පහසුවෙන් අත්පත්කරගැනීමට හැකිවන බවයි ඔහු පෙන්වාදුන්නේ.

ASK 




Source link