October 28, 2021

Ada Rata

All news in one location

නැව් ගිලුනම මාළුන්ට බිත්තර දාන්න ගල්පර හැදෙනවා නෙ



ගිනිගෙන විනාශ වී මුහුදේ ගිලී ගිය නෞකාවෙන් මේ දක්වා තෙල් කාන්දු වී නොමැති බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. තෙල් කාන්දුවක් සිදු වුවහොත් ඊට පිළියම් යෙදීමට කටයුතු කරන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

කැස්බෑවුන්, තල්මසුන් වැනි මුහුදු ජීවීන්ගේ මළසිරුරු යම් යම් කාලවලදී විශාල ලෙස වෙරළට ගොඩ ගැසීම සිදුවන බවත්, මෙය අලුත් තත්වයක් නොවන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා. නෞකා අනතුර සහ ඒ හරහා සාගර පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකා වටා මුහුදු තීරයේ නැව් 300 – 400 අතර ප්‍රමාණයක් ගිලී ගොස් ඇති බවයි. එම ස්ථානවල මේ වනවිට ගල්පර නිර්මාණය වී ඇති බවත්, මුහුදු ජීවීන් බිත්තර දැමීම සඳහා වැනි කාර්යයන් සඳහා එම ස්ථාන භාවිතා කරන බවත් චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසනවා. 

UN




Source link