January 22, 2022

Ada Rata

All news in one location

නැවත පාසල් වහන්න එපා – කාදිනල් හිමි බලධාරීන්ගෙන් ඉල්ලයි



කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසා දමා තිබුණු පාසල නැවත වසා නොතබන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කෑගල්ල ශාන්ත ජෝසප් කණ්‍යාරාමයේ පැවති වැඩසටහනකදීය. 

ඔන්ලයින් අධ්‍යාපනය නිසි ලෙස මෙහෙයවූයේ නැත්නම් දරුවන් විවිධ අපචාරවලට ගොදුරු වෙන බවයි කාදිනල් හිමිපාණන් වහන්සේ කියාසිටියේ. 

”කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වහල දාන්න සිද්ධ වුණා. ඕන ලයින් අධ්‍යාපනය තුළ දෙමව්පියන් විසින් දරුවන්ව  හරියට මෙහෙයුවේ නැත්නම් දරුවන්ට නොයෙකුත් අපචාරයන්ට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහ අධ්‍යාපනය භාර අයගෙන් පුළුවන් නම් පාසල් වසා තියන්න එපා මින් ඉදිරියට. පාසල් තුළම දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සපයල ඒ ආරක්ෂාව තුළ දරුවන්ව පාසලේම අධ්‍යාපන කටයුතු කරන්න දරුවන්ට ඉඩ දෙන එක හුඟාක් හොඳයි. දරුවන්ව අපි හරියට හදාගත්තේ නැත්නම් රටේ අනාගතය අඳුරු වෙනවා. ඒ නිසා මේ අධ්‍යාපනයට ලොකු අවධානයක් යොමුකළ යුතුයි. තරඟකාරීත්වය තුළ අඩු හැකියාවන් තියෙන දරුවන් අහකට තල්ලු වෙලා යන ප්‍රවණතාවයක් තියෙනවා. ඒකෙන් දරුවන්ගේ ජීවිතය අඳුරු වෙනවා. ටුයුෂන් පන්ති යවල යවල උගන්වල කොහොමහරි විභාගය පාස් වෙන්න ඕනේ කියලම බල කෙරුවහම විභාගය පාස් වෙන්න පුළුවන්. නමුත් පෞර්ෂ්‍යත්වය වර්ධනය කරන්නේ නැතුව අධ්‍යාපනයෙන් වැඩක් නැහැ. මොකද දරුවා සමාජයේදී තිබෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ශක්තිමත් කරන්නම් ඕනේ. යුක්තිගරුක,සාධාරණ පුරවැසියන් පිරිසක් බිහිකරන්න පුළුවන් අධ්‍යාපනයෙන්.” යනුවෙන් කාදිනල් හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.    

ASK 




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq