November 29, 2021

Ada Rata

All news in one location

නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය මෙරටට


මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත කිරීමට, නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය ලෙස, ලීටර් ලක්ෂයක් අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ,මෙම දියර පොහොර තොගය ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්.

මෙම දියර පොහොර ලීටර් ලක්ෂ 31 ක් මෙරටට ආනයනය කිරීම සදහා ඇනවුම් කර ඇති අතර, එයින් පළමු තොගය ලෙස මෙම ලීටර් ලක්ෂයක ප්‍රමාණය, මෙසේ ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබුණා.

මෙම දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර , මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීමට නියමිතයි.

මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර තුළ බැර ලෝහ නොමැති අතර, ශාක පත්‍ර මගින් 90% ක්ම ගසට උරා ගැනීම සිදු කිරීම විශේෂත්වයක් වනවා.
(colombotimes.lk)

Viber



Source link