November 29, 2021

Ada Rata

All news in one location

නාවලපිටිය, පුඩළුඔය ප්‍රධාන මාර්ගයේ කොටසක් කඩා වැටේ


නාවලපිටිය පුඩළුඔය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් මාර්ගයේ කොටසක් කැඩි ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබෙන බව වාර්තා වනවා.

නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නාවලපිටිය පුඩළුඔය ප්‍රධාන මාර්ගයේ රුවන්පුර ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ඉහලින් වු පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (10) දින උදැසන 11.30 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබෙන බව නාවලපිටිය පොලිසිය පැවසුවා.

ප්‍රධාන මාර්ගයට පස් කන්ද කඩා වැටිමත් සමග මාර්ගයේ කොටසක්ද කැඩි ගොස් ඇති බවත් මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිමේ කටයුතු නාවලපිටිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය විසින් ආරම්භ කර තිබෙන බවද වාර්තා වනවා.

මාර්ගය කැඩිගොස් ඇති ස්ථානය ප්‍රතිසංස්කරණය කිරිමට දින කිහිපයක් ගත වන බවයි පොලිසිය කියා සිටියේ.

එම මාර්ගයේ ගමනා ගමනා කටයුතු යලි යථා තත්ත්වයට පත් කරන තෙක් නාවලපිටිය සිට කලපිටිය සහ පුඩළුඔය ප්‍රදේශවලට පිවිසෙන රථ වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. (colombotimes.lk)

Viber



Source link