December 4, 2021

Ada Rata

All news in one location

නායේ යෑම් නිවේදන නොතකා රැඳී සිටින අය බලහත්කාරයෙන් ඉවත් කිරීමට පියවර



නායයාමේ අනතුරු ගැන රතු නිවේදන නිකුත් කර තිබියදීත් එම අවවාද නොතකා එම ස්ථානවලම රැදී සිටින පිරිස් බලහත්කාරයෙන් ඉවත් කිරීමට සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අවධාරණය කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ අද (11) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව උපදෙස් නොතකා රැඳී සිටින පිරිස් පොලීසියේ සහයෙන් ඉවත් කිරීමට දිසාපතිවරුන්ට අවසර දී තිබෙන බවයි රණසිංහ මහතා පැවසුවේ.

”ජනතාවට දෙන්න තියෙන අවසන් පණිවිඩය තමයි කරුණාකරලා ලබා දී තිබෙන උපදෙස් අනුව කටයුතු කරන්න.අවවාද පිළිගන්න. ඉවත් වෙන්න කියල දැනුවත් කළාම වහාම ඉවත් වෙන්න. කඳු තරණය කරන්න විනෝද වෙන්න යන්න එපා. නායේ යෑම් ගැන රතු නිවේදන නිකුත් කරලා තියෙද්දී ඉවත් වෙන්නේ නැති කණ්ඩායම් ඉන්නවා නම් ඉතාමත් පැහැදිලිවම පොලිස්පතිතුමාටත් මේ ගැන දැනුවත් කරලා තිබෙනවා. අවවාද පිළිනොගන්නේ නම් ඉවත් නොවන්නේ නම් දිසාපතිවරුන්ට බලය පවරලා තියෙනවා අනිවාර්යයෙන්ම පොලීසිය යොදවල උසාවි මාර්ගයෙන් බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමට සිදුවෙනවා. ජාතික ආරක්ෂාව අනුව එය කරන්න සිදුවෙනවා. ජනතාවගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මහජන ආරක්ෂාව ලබා දීම අපේ වගකීම. ” යනුවෙන් අධ්‍යක්ෂවරයා තවදුරටත් පැහැදිලි කරන ලදී.  

මේ අතර නුවරඑළිය,කළුතර,බදුල්ල,ගාල්ල,මන්නාරම,ගම්පහ,යාපනය යන ප්‍රදේශ වල සහන මධ්‍යස්ථාන ක්‍රියාත්මක අතර ඒවාට අවශ්‍ය සියලු දේවල් ලබා දීමට කටයුතු යොදා තිබෙන බවත් ආපදාවට ලක්වූ 62240ටම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් හා ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් ලබා දිය යුතු ආහාර පාන ඇතුළු සහන ලබා දීමට කටයුතු යොදා ඇති බවත් සුදත්ත රණසිංහ මහතා කියා සිටියේය. 

ASK




Source link