January 19, 2022

Ada Rata

All news in one location

නාමල්ගේ නායකත්වයෙන් ආණ්ඩුව ඇතුළේ වෙනම කණ්ඩායමක්


“ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය” නමින් නව කාර්යය සාධක බලකායක් ජනාධිපතිවරයා විසින් නිර්මාණය කර තිබේ.

මෙම කාර්යය සාධක බළකායේ ප්‍රධාන වගකීම වන්නේ “ගම සමග පිළිසඳර” වැඩසටහනෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම හා ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මෙහෙයවීම සහ පසු විපරමයි.

මෙම කාර්යය සාධක බළකායේ සභාපතිධූරය නාමල් රාජපක්ෂට හිමිව ඇති අතර ඔහු යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබේ.

නිමල් ලන්සා, දිලුම් අමුණුගම, කංචන විජේසේකර, සීතා අරඹේපොළ, චන්න ජයසුමන, කාදර් මස්තාන්, කපිල අතුකෝරල, සංජීව එදිරිමාන්න, නිපුන රණවක, චාමර සම්පත් දසනායක, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, චින්තක අමල් මායාදුන්නේ සහ ජයන්ත වීරසිංහ යන මහත්ම මහත්මීහූ සෙසු සාමාජිකයෝ වෙති.



Source link