November 29, 2021

Ada Rata

All news in one location

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ


හෙට (16) සිට ලබන 30 වැනිදා දක්වා ක්‍රියාත්මක කළ යුතු සංශෝධිත සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(15) නිකුත් කර තිබෙනවා.

නිසි බලධාරීයාගෙන් ලබා ගන්නා අවසරයකින් තොරව නව රෙගුලාසිවලට අනුව මහජන ඒකරාශී වීම්,රැස්වීම් හා උත්සව සඳහා නැවත දැනුම් දෙන තුරු අවසර හිමි නොවන අතර පෞද්ගලික ඒකරාශීවීම් වලදී ශාලාවක ධාරිතාවෙන් තුනෙන් එකකට අවසර හිමි වුවත් එය පුද්ගලයින් 100 නොඉක්මවිය යුතුයි.

පෞද්ගලික නිවසක නම් රැස්විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 10ක් වනවා.

එළිමහන් පෞද්ගලික ඒකරාශී වීම් සඳහා අවසර ලබා දී නැහැ.

නව මාර්ගෝපදේශවලට අනුව කටයුතු නොකරන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එහි දැක්වෙනවා.

ආගමික ස්ථානවල තනි තනිව වැඳුම් පිදුම් කිරීමට අවසර හිමි අතර විශේෂ උත්සව,යාඥා මෙහෙයන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නව මාර්ගෝපදේශවලට අනුකූලව සිදු කළ යුතු වනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති සඳහා පමණක් උපකාරක පන්ති සියයට 50 ක ධාරිතාවයකින් පවත්වා ගෙන යා හැකියි.

අවමංගල්‍ය උත්සව සිරුර මුදා හැර පැය 24 ක් ඇතුළත සිදුකළ යුතු අතර එක් වරකට සිටිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 20 ක් ලෙස දක්වා තිබෙනවා.

විවාම මංගල උත්සව සඳහා සියයට නොවැඩි පිරිසකට සහභාගි විය හැකි අතර එළිමහන් මංගල සාද සඳහා 150 කට සහභාගි විය හැකියි. එහෙත් මත්පැන් භාවිතය සඳහා අවසර හිමි නොවෙයි.

නරඹන්නන් නොමැතිව ක්‍රිඩා ක්‍රියාකාරකම් සඳහා අවසර හිමිව ඇති අතර සිනමා හල් හා රංග ශාලා සියයට 50 ක ධාරිතායෙන් පවත්වාගෙන යාමට අවසර හිමිව තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link