January 26, 2022

Ada Rata

All news in one location

නව වසරේ රජයෙන් ජනතාවට ලැබෙන සහන මල්ල මෙන්න


සෑම මසකම රජයේ සේවකයින් සඳහා රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම සියලු රජයේ විශ්‍රාමිකයින් සඳහා ද රුපියල් 5,000ක දීමනාවක් ලබාදෙන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

මිට අමතරව සමෘද්ධි ලාභීන්ට ලබාදෙන රුපියල් රුපියල් 3,500 දීමනාව සඳහා ද තවත් රුපියල් 1,000ක අතිරේක මුදලක් ලබාදීමට යෝජනා කර ඇති බව ද මුදල් අමාත්‍යවරයා පැවසුවා.

මිට අමතරව සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමටද තීරණය කර තිබෙන බවයි මුදල් ඇමතිවරයා සඳහන් කළේ.

ආබාධිත දීමනා ලබන සෙබළුන් සඳහා ද මෙම රුපියල් 5,000 දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩලය යෝජනා කර ඇති බව ද මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

වී ගොවිතැන් සිදුකරන ගොවීන්ට පොහොර හිඟය හේතුවෙන් ඇතිවිය හැකි අස්වැන්න පාඩුව නිසා ඉදිරියේදී වී කිලෝවක් සඳහා රුපියල් 75ක මිලක් නියම කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදුන් බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වන විට වී කිලෝවක් සඳහා රුපියල් 50ක මුදලක් ගෙවනු ලබන බවත්, වැඩිපුර වී කිලෝවක් සඳහා රු.25ක් ගෙවීමෙන් ගොවීන්ට අස්වැන්න හිඟකම නිසා ඇතිවන පාඩුව පියවා ගත හැකි බවද කියා සිටියා.

වී මිල වැඩිකිරීම නිසා කිසිදු අයුරකින් පාරිභෝගිකයාට එම බර පැටවෙන්නේ නැති බවද මුදල් ඇමතිවරයා මෙහිදී සහතික කර සිටියා.

මිට අමතරව අපි වවමු – රට නගමු සංකල්පය යටතේ පර්චස් 20ක ඉඩමක් ඇති පුද්ගලයෙකුට සිය ගෙවත්තේ වගා කටයුතු ඇරඹීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් 5,000ක මුදලක් ද පර්චස් 20 සිට අක්කරයට වඩා වැඩි ඉඩමක් හිමි පුද්ගලයෙකුට රුපියල් 10,000ක මුදලක් ද ලබා දෙන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ සඳහා රජය විසින් රුපියල් බිලියන 229ක් වැය කෙරෙන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
(colombotimes.lk)

Viber



Source link