December 5, 2021

Ada Rata

All news in one location

නව යුගයකට සූදානම් වන්න – විපක්ෂ නායක



ජීවන වියදම, පොහොර ගැටලුව ඇතුළු ජනතා ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවයක් අද කොළඹදී පැවැත්විණි.

පස්වරු 03 ට විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා පා ගමන ගාලු මුවදොර පිටිය අසලට පැමිණි අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවය පැවැත්විණි.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් ලබාදීමට ආණ්ඩුව අසමත් වී ඇති බවයි. රටට නව යුගයක් උදා කිරීම සඳහා සූදානම් වන්නැයි විපක්ෂ නායකයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම විරෝධතාවය සඳහා සහභාගිවීමට කොළඹට පැමිණෙමින් සිටි සජබ පාක්ෂිකයන්ට පොලීසියෙන් බාධා එල්ල වූ අතර විවිධ ප්‍රදේශවලදී මාර්ග බාධක යොදා ඔවුන්ගේ ගමන අවහිර කර තිබිණි.

ඉන් අනතුරුව පාක්ෂිකයන් කොළඹ පැවැත්වෙන ප්‍රධාන විරෝධතාවයට සහාය පළ කරමින් විවිධ ප්‍රදේශවලදී උද්ගෝෂණ පැවැත්වූ අතර ඇතැම් ප්‍රදේශවල මාර්ග පවා අවහිරව තිබිණි.

UN




Source link