November 29, 2021

Ada Rata

All news in one location

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ වසර අවසානයේ


මෙම වසර අවසාන වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස්කර නිම කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, එහි කටයුතු මේ වන විට අවසන් අදියරයේ පවතින බව අධිකරණ අමාත්‍යාංශයෙන් විසින් දැනුම් දී ඇති බවයි.

පාර්ලිමේන්තුවේ දී අනුර කුමාර දිසානයක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළා.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන “සෞභාග්‍යයේ දැක්ම” තුළින් රටට නව ව්‍යවස්ථාවක් සකස් කරන බවට ජනතාවට පොරොන්දුවක් වී තිබෙන බවද එහිදී අගමැතිවරයා සිහිපත් කළා.

ඒ අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවත් මේ වසර අවසන් වන විට ඒ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කොට නිම කිරීමට එම කමිටුවේ අපේක්ෂා කරන බවත් දැනට එම කටයුතු අවසන් අදියරේ පවතින බවත් අධිකරණ අමාත්‍යංශය විසින් දැනුම් දී තිබෙන බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා. (colombotimes.lk)

Viber



Source link