October 28, 2021

Ada Rata

All news in one location

නවීන අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ වලින් සමන්විත ජංගම දැඩි සත්කාර ඒකකයක් සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කෙරේ


කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා නවීන අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ වලින් සමන්විත ලොව ඉහළම ජංගම දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ වෙත භාර දීම අද (14) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණා.

අඩි 40ක දිගකින් හා අඩි 12ක පළලින් යුත් කන්ටේනර් කොටස් දෙකක් සම්බන්ධ කරමින් රුපියල් ලක්ෂ 500ක මුදලක් වැය නිර්මාණය කර තිබෙන මෙම ජංගම දැඩි සත්කාර ඒකකය ඇඳන් තුනකින් සමන්විත වනවා.

මෙහි ප්‍රතිකාර ලබන රෝගීන් CCTV කැමරා පද්ධතියක් මඟින් වෙනත් ස්ථානයක සිට නැරඹිය හැකි අතර බව මෙය පරිත්‍යාග කළ ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් සමගම පවසනවා.

මෙලෙස ක්‍රියාත්මක වන ජංගම දැඩිසත්කාර ඒකකයක් ඉතාලියේ ඇති බවත්, නමුත් එහි ඇත්තේ ඇඳන් දෙකක් පමණක් බව ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් සමගමේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ ප්‍රශාන්ත කුලරත්න මහතා පවසනවා.

මේ අතර මෙවැනිම තවත් ජංගම දැඩිසත්කාර ඒකක දෙකක් නිපදවමින් පවතින බවත්, ඉදිරියේදී ඒවා සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

රටේ අවශ්‍යතාව වටහා ගනිමින් දේශීය සමාගමක් මේ ආකාරයේ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වීම අගය කරන බවත් එය රෝගී ජිවිත බේරා ගැනීමට කටයුතු කරන සෞඛ්‍ය අංශ වලට විශාල ශක්තියක් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවා. (colombotimes.lk)

Viber



Source link