December 4, 2021

Ada Rata

All news in one location

නවසීලන්තය යොවුන් ලෝක කුසලානයෙන් ඉවත් වෙයි



ලබන වසරේ ජනවාරි මස බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැත්වීමට නියමිත 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් සිය කණ්ඩායම ඉවත් කර ගැනීමට නවසීලන්ත ක්‍රිකට් බළධාරීන් තීරණය කර තිබෙනවා. මීට හේතු වී තිබෙන්නේ තරගාවලිය අවසන් වී නැවත සියරට පැමිණීමෙන් පසුව යොවුන් ක්‍රීඩකයන් පූර්ණ නිරෝධායනය ලක් කිරීමට සිදුවීමයි.

කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් ලබන ජනවාරි 14 වැනිදා තරගාවලිය ආරම්භ වේ. පෙබරවාරි 05 වැනිදා අවසන් තරගය පැවැත්වේ.

නවසීලන්තය තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් එම අවස්ථාව ස්කොට්ලන්තයට හිමිව තිබෙනවා.

14 වැනි වරට මෙවර තරගාවලිය පැවැත්වෙන අතර මෙතෙක් පැවති තරගාවලි 13 න් 04 ක් ජය ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා. ඕස්ට්‍රේලියාව තෙවතාවක්, පකිස්තානය දෙවතාවක් ජයගෙන ඇති අතර දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ බංග්ලාදේශය එක් වතාව බැගින් ජයගෙන තිබෙනවා. අවසන් වරට පැවති තරගාවලියේදී ඉන්දියාව පරාජය කළ බංග්ලාදේශය ශූරතාවය දිනා ගත්තේය.

UN




Source link