October 17, 2021

Ada Rata

All news in one location

නවසීලන්තයේ සුපිරි වෙළඳසැලකට IS ප්‍රහාරයක්



නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. හදිසියේ එහි කඩාවැදුණු පුද්ගලයෙකු සුපිරි වෙළඳසැලේ සිටි පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියකින් ඇන ඇති අතර මේ නිසා පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීම් හමුවේ ප්‍රහාරකයා මරණයට පත්ව ඇති බවද වාර්තා වේ.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් පවසන්නේ මෙය ISIS සංවිධානයේ ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඇති බවයි. එසේම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බවද හඳුනාගෙන තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකිකයා 2011 වසරේදී නවසීලන්තයට ගොස් ඇති අතර 2016 වසරේ සිට ඔහු පිළිබඳව එරට ආරක්ෂක අංශ විමසිලිමත්ව සිටි බවයි අගමැතිනිය පවසන්නේ. 

UN




Source link