November 29, 2021

Ada Rata

All news in one location

ධීවර ජනතාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්


ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව ගමන් කර අද දින දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල හෙට (19) උදෑසන දක්වා ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස එම දෙපර්තෙමේන්තුව ධීවරයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව ද මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ. (colombotimes.lk)

Viber



Source link