October 26, 2021

Ada Rata

All news in one location

දේශපාලන රූප වන්දනාව එපා- ඇමැති චමල් රාජපක්ෂ


 

වාරි සෞභාග්‍යා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ මහවැලි කලාප කේන්ද්‍රගතව ගෙවතු වගා සංග්‍රාම ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයේ සවිකර තිබූ පූවරුවේ දේශපාලනඥයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම පිළිබදව කනගාටු වන බව වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ පැවසුවේය. මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (12 වැනිදා) පැවැති සමාරම්භක වැඩසටහනේදී ඇමැතිවරයා මේ බව පැවසුවේය.

එම පුවරුවේ වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ,කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ,රාජ්‍ය ඇමැතිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ සිරිපාල ගම්ලත් ගේ ඡායාරූප ප්‍රදර්ශනය කර තිබුණි.

මහවැලි වැඩසටහන් පිළිබදව දේශපාලනඥයන් දැනුම්දීම් සිදුකළ ද ඒවා ක්‍රියාත්ම කරනු ලබන්නේ අමාත්‍යාංශ ලේකම්,අධ්‍යක්ෂ ජනරාල් ආදී නිලධාරීන් විසින් බැවින්,පුවරුවට ඔවුන්ගේ ඡායාරූපද ඇතුළත්වීම සුදුසු බවද ඇමැතිවරයා කීවේය.



Source link