January 26, 2022

Ada Rata

All news in one location

දේශපාලඥයින් කලයුතුව තිබූ දේ – Colombo Times


පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ පසු ඇතැම් දේශපාලඥයින් කළ යුතුව තිබුනේ විදේශ ගතවීම නොවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඇතැම් දේශපාලනඥයින් පාර්ලිමේන්තුව පැවැත්වෙන කාලයේ පාර්ලිමේන්තුව පැවැත්වෙන නිසා ගමට යාමට නොහැකි ලෙස පවසන බවද ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් තමන්ගේ ගම් ප්‍රදේශවලට ගොස් මහජනතාව අසරණව සිටින අවස්ථාවක පිහිටවීම සිදුකළ යුතුව තිබූ දෙයක් බවත් ඔහු සඳහන් කළා.

රටේ විශාල ඩොලර් හිඟයක් පවතින අවස්ථාවේ ඩොලර් වැය කර විදේශ ගත වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා. (colombotimes.lk)

Viber



Source link