October 27, 2021

Ada Rata

All news in one location

දේශපාලකයන්ට අවමගුල් ගන්න තියන නිදහස ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී ඉන්න අයට නෑ



ජනතාවාදී පාලනයක් ඇති කරන බවට පොරොන්දු වෙමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව නිරෝධායන නීති පවා ජනතාව මර්දනය කිරීම සඳහා භාවිතා කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. දේශපාලනඥයන්ගේ මගුල්-අවමගුල්, දේශපාලන රැස්වීම්, බඩු බෙදාදීම් සඳහා අදාල වන නිරෝධායන නීති, සංචරණ සීමා ජනතාව තලා-පෙලා දැමීමට පමණක් භාවිතා කරන බවයි එම පක්ෂය පවසන්නේ.

අද කොළඹ මෝදර ප්‍රදේශයේ ධීවර ජනතාව විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක්, විශාල පොලිස් කණ්ඩායමක් කැඳවා මර්දනය කිරීමට පාලකයන් උත්සාහ දැරූ බවයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසන්නේ.

සංචරණ සීමා පැනවීමේදීද අසාධාරණයට ලක්ව සිටින්නේ කම්කරු ජනතාව බවත්, මේ වනවිට එම අසාධාරණයට එරෙහිව උද්ඝෝෂණය කිරීමේ අයිතිය පවා කම්කරුවන්ට අහිමි වී ඇති බවත් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙනවා.

UN




Source link