October 28, 2021

Ada Rata

All news in one location

දේවි බාලිකාවේ විද්‍යා,ගණිත අංශ වෙනත් පාසලකට ගෙන යාමේ උත්සහයට ආදී බාලිකාවන්ගේ විරෝධය



දේවී බාලිකා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා හා ගණිත අංශය නුගේගොඩ ශ්‍රී විජේරාම මහා විද්‍යාලය සමඟ ඒකාබද්ධ කිරීමේ සැලැස්ම තුළ දේවි බාලිකා විදුහලේ වටිනා ඉඩම අත්පත් කරගැනීමේ අරමුණක් පවතින බවට සැකයක් පවතින්නේ යැයි දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය අවධාරණය කරයි. 

ව්‍යාපාරිකයින්ට,දානපතියන්ට සෑම ආකාරයකින්ම පාසලට ආධාර අරමුදල් සැපයිය හැකි අතර ඒ වෙනුවෙන් කෘතවේදී වන අතර විද්‍යාලයට අවශ්‍ය ගොඩනැගිලි සෑදීමට විද්‍යාලයේ භූමියේම ඉඩකඩ පවතින බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. 

විද්‍යා ගණිත අංශය වනත් භූමියකට ගෙන යාම අර්ථ විරහිත අතර දුෂ්කර පාසැල සංවර්ධනය සඳහා අවශ්‍යතාවක් ඇත්නම් ඊට ඕනෑ තරම් පාසල් පවතින බව එම සංගමය කියා සිටියි. 

අධ්‍යාපන අමාත්‍යාංශය හෝ පාසල් සුබ සාධන හෝ පාසල් සංවර්ධන කමිටු හරහා එය පහසුවෙන් කළ හැකිව තිබුණත් මෙතෙක් මේ කටයුත්තට මූලික වී සිටින අය ඒ මාර්ගය භාවිතා නොකර රහසිගත හා අත්තනෝමතික ලෙස මෙය සිදු කිරීමට ප්‍රයත්න දැරීම පිළිබඳ සංගමයේ විරෝධය දක්වන අතර ව්‍යාපරික බලවතෙකුගේ මැදිහත්වීමෙන් මෙලෙස විනිවිදභාවයක් නොමැතිව විද්‍යාලයේ උසස් පෙළ අංශ වෙනත් ස්ථානයකට ගෙන යාම හෙළා දකින බවත් සියලුම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දේවි බාලිකා විද්‍යාලය සුරැකීමේ සංවිධානය ජනාධිපතිවරයාගෙන් හා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම උත්සාහය පරාජය කිරීමට සහය දෙන ලෙසත්ය. 




Source link