January 26, 2022

Ada Rata

All news in one location

දෙහිවල කිඹුලන් සොයා මෙහෙයුමක් – Colombo Times


පසුගියදා දෙහිවල මුහුදු ප්‍රදේශයේදී කිමිදුම්කරුවෙකුට පහරදුන් කරදිය කිඹුලා අල්ලා ගැනීම සඳහා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිවයි.

සාමාන්‍යයෙන් කිඹුලන්ට මුහුදේ ජීවත් විය නොහැකි බැවින් කිඹුලා ගං මෝය හරහා මුහුදට ඇතුළු වන්නට ඇති බවත් මුහුදේ සැඟවී සිට ගං මෝය සොයමින් සිටින්නට ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

සෝදිසි මෙහෙයුම මේ වන විටත් ක්‍රියාත්මක බවයි අමාත්‍ය සී බී රත්නායක මහතා පැවසුවා.

දෙහිවල මුහුදු තීරයේ කිමිදෙමින් සිටියදී කිඹුලාගේ ප්‍රහාරයට ලක්ව 58 හැවිරිදි කිමිදුම්කරුවෙකු පසුගියදා මියගියා.
(colombotimes.lk)

Viber



Source link