January 24, 2022

Ada Rata

All news in one location

දෙවන කොවිඩ් මාත්‍රාව අප්‍රේල් මස 23 වෙනිදා සිට


ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පළමු මාත්‍රාව ලබා ගත් නව ලක්ෂ විසි හතර දහස් එකසිය අසූ හත් දෙනකුට මෙම මස 23 වැනිදා සිට ජුලි 06 වැනිදා දක්වා දෙවැනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැසුවා,

ඇමැතිවරිය මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විද්‍යාත්මක මතය අනුව පළමු මාත්‍රාව ලබාදී සති 12 කට පසුව දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් ප්‍රශස්ත ප්‍රතිශක්තියක් ලැබෙන බවට සනාථවී ඇතැයිද ඇමැතිවරිය සඳහන් කර සිටියා.

දෙවන මාත්‍රාව සඳහා මේ වන විට එන්නත් මාත්‍රා තුන්ලක්ෂ පනස් හය දහස් හත්සිය තිහක් වෙන්කර ඇතැයිද ඊට අමතරව තවත් මාත්‍රා පන් ලක්ෂ හැට අටදහසක් ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඉදිරි සති කීපය ඇතුළත ලබා ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරිය පැවැසුවා.

සිනොෆාම් එන්නතේ ආරක්ෂිත බව තහවුරු වන තුරු මෙරට ජනතාවට එය ලබා නොදෛන බව ද කොවිඩ් සඳහා නිෂ්පාදිත එන්නත් අතුරින් ලෝකයේ වැඩිම පිළිගැනීමක් ඇති ෆයිසර් , මොඩර්නා , ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වැනි එන්නත් මෙරටට ගෙන්වීම සඳහා රජය කටයුතු නොකරන්නේ මන්ද යන ප්‍රශ්න විපක්ෂ නායකවරයා මෙහි දී ඇමැතිවරියගෙන් ප්‍රශ්න කළේ.

දැනට එය මෙරට සිටින චීන ජාතිකයන්ට පමණක් ලබාදෙන බවද කී ඇමැතිවරිය ෆයිසර් සමාගමෙන්ද එන්නත් මාත්‍රා ලක්ෂ හැත්තෑවක් ලබා ගැනීමටත්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමෙන් එන්නත් ලබා ගැනීමටත් කටයුතු කරන බව ද ඇමැතිවරිය සඳහන් කර සිටියා.



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq