November 30, 2021

Ada Rata

All news in one location

දුමින්ද නාගමුව ඇතුළු පෙරටුගාමී 5කට වරෙන්තු


පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු එම පක්‍ෂයේ කි‍්‍රයාකාරීන් පස්දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණය මගින් ඊයේ (10 වැනිදා) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කඩුවෙල මහෙස්ත‍්‍රත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක නිරත වන අතරතුර අධිකරණයට අපහාස කිරීම, පොදු දේපළවලට හානි කිරීම සහ අයුතු ජනරාශියක සාමාජිකයන් වීම යන චෝදනා යටතේ කඩුවෙල පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවක නිරත වී සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි එම පක්‍ෂයේ පිරිසක් පසුගිය 09 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම නඩුව විභාග වෙමින් තිබියදී පෙරටුගාමී පක්‍ෂයේ කි‍්‍රයාකාරීන් පිරිසක් මෙසේ විරෝධතාවක නිරත වුණා.

බන්ධනාගාරගත කර සිටින පිරිසට ඇප ලබා දෙන ලෙසට බල කරමින් ඔවුන් මම විරෝධය දක්වා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා කඩුවෙල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදු කළ කඩුවෙල පොලිසිය ඔවුන් අධිකරණ සංවිධාන පනත, පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ වැරදි කර තිබෙන බවට අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව කඩුවෙල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ.
(colombotimes.lk)

Viber



Source link