January 26, 2022

Ada Rata

All news in one location

දුම්රිය වර්ජනයක් ගැන යළිත් රතු එළි


දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමකට ආණ්ඩුව උත්සහ කළ හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට දුම්රිය සේවකයන් අනතුරු අඟවනවා.

ඩොලර් සොයාගැනීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පුද්ගලික අංශයට පැවරීමට රජය සූදානම් වන බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ.

රජයේ විවිධ පාර්ශව වෙතින් මීට අදාළව අදහස් පළවෙමින් ඇති බවත්, කිසියම් අයුරකින් දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමකට රජය පියවර ගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි සන්ධානයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ මහතා කියාසිටියේ.
(colombotimes.lk)

Viber



Source link