December 4, 2021

Ada Rata

All news in one location

දිවයින පුරා සතොස අලෙවිසැල් 25ක් විවෘත වෙයි



පාරිභෝගිකයාට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අඩුම මිළ ගණන් යටතේ ලබා දීම සඳහා අද (18) එම අලෙවිසැල් 25ක් දිවයින පුරා විවෘත විය. 

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන සෞභාග්‍යයේ දැක්මෙහි අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් ජනතාවට තමන් ජීවත්වන ප්‍රදේශය ආසන්නයේ ලංකා සතොස අලෙවිසැල් ඇති කරමින් මේ වසර අවසානයේ ලංකා සතොස අලෙවිසැල් ජාලය 500ක් දක්වා වැඩි කිරීම වෙළෙඳ අමාත්‍යාංශයේ අරමුණ වී තිබේ. 

එමෙන්ම ඉදිරි වසර අවසාන වන විට අලෙවිසැල් 1000ක් දක්වා ව්‍යාප්ත කිරීමටත් සැලසුම් කර ඇත. 
 




Source link