November 30, 2021

Ada Rata

All news in one location

දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 08ක ක්‍රිකට් තහනමක්




– 19 04 2021
– 17:16
– {{hitsCtrl.values.hits}} views

– සංජීව ධර්මසේන




ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 08ක ක්‍රිකට් තහනමක් පැනවීමට අයි.සී.සී.ය පියවර ගෙන ඇත. ඒ අයි.සී.සී. දූෂණ විරෝධී පනත උල්ලංඝණය කළ බව හෙලිවීම හේතුවෙනි.

පසුගිය 2017 වර්ෂයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවති ටී-10 ක්‍රිකට් තරගාවලියේදී සිදුකරන ලදැයි ඔහුට මෙම චෝදනා එල්ලවී ඇත. එහිදී අදාළ පනතේ වගන්ති තුනක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලොකුහෙට්ටිගේට චෝදනා එල්ලවී ඇත. මේ අනුව ඔහුට ක්‍රිකට් සම්බන්ධ කිසිදු ක්‍රියාවලියකට සම්බන්ධ වීමට මෙම වසර 08ක කාලය තුළ ඉඩක් නොලැබෙනු ඇත.

ලොකුහෙට්ටිගේ 2005-2013 අතර කාළසමයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අන්තර්ජාතික තරග 10කට සහභාගි වී ඇත.  





Source link