November 29, 2021

Ada Rata

All news in one location

දින දෙකක් රටම අඳුරේ තැබීමට විදුලි වෘත්තීය සමිති සූදානමින්!



කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සහ LNG සැපයුම ඇමරිකානු සමාගමකට හිමිකර දෙමින් අත්සන් කර ඇති ගිවිසුමට විරෝධය පළකිරීම සඳහා වැඩවර්ජනයකට යාමට විදුලි වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසන්නේ මෙම ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමෙන් කිසිදු විසඳුමකට එළඹිය නොහැකි බවයි. ජනතාවට හෝ විදුලි සේවකයන්ට හෝ කන්දෙන පාලනයක් වර්තමානයේදී නොමැති බවත්, ඒ නිසා ඔවුන්ට තේරෙන ආකාරයෙන්, දැනෙන ආකාරයෙක් කටයුතු කළයුතු බවත් ජයලාල් මහතා සඳහන් කරනවා.

ඒ අනුව මෙම නරුම ප්‍රතිපත්තිය, දේශද්‍රෝහී ගිවිසුම හකුලා ගැනීමට බල කරමින් දින දෙකක වැඩවර්ජනයක් සිදු කරන බවත්, එහිදී ඇතැම් විට ජනතාවට අඳුරේ සිටීමට සිදුවිය හැකි බවත් ඔහු පවසනවා. දින දෙකක් අඳුරේ සිටීමට ජනතාව සූදානම් වියයුතු බව පෙන්වා දෙන රන්ජන් ජයලාල් මහතා පවසන්නේ එවැනි ක්‍රියාමාර්ගයක් නොගෙන කෙරවලපිටිය බලාගාරය බේරා ගත නොහැකි බවයි.

ජයලාල් මහතා මේ බව සඳහන් කළේ, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන් සමග බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

UN




Source link