October 19, 2021

Ada Rata

All news in one location

දිගු කාලයක් අඛණ්ඩව වැඩ කරන මිනිසුන්ට සිදුවන දේ


දිගු කාලයක් අඛණ්ඩව වැඩකිරීම නිසාවෙන් වාර්ෂිකව විශාල පිරිසක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලොව එවැනි පර්යේෂණයක් සිදුකළ පළමු අවස්ථාව බවයි වාර්තා වන්නේ.

2016 වසරේදී පුද්ගලයින් 216,000ක් ආඝාතය සහ හෘද රෝග නිසා මියගොස් තිබෙන බවත් එම රෝග තත්ත්ව වලට හේතුව ලෙස දිගු වේලාවක් අඛණ්ඩව වැඩ කිරීම හඳුනාගෙන බවත් සඳහන්. ඉන් බහුතරයක් ගිනිකොණ ආසියාවේ සහ බටහිර පැසිෆික් කලාපීය රටවල වැසියන් බව එම පර්යේෂණ වාර්තාවේ දැක්වේ.

කොරෝනා වෛරසය හේතුවෙන් එම තත්ත්වය තවත් වර්ධනය වී තිබෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටින්නේ.

මේ අනුව සතියකට පැය 55ක් හෝ ඊට වැඩියෙන් වැඩකිරීම නිසා ආඝාතය ඇතිවීමට ඇති හැකියාව 35% ඉහළයන බව සහ හෘද රෝගයක් නිසා මියයාමට ඇති හැකියාව 17%ක් බවත් පැවසෙනවා.

සාමාන්‍යයෙන් සතියකට වැඩකළ යුතු පැය ගණන දක්වා ඇත්තේ පැය 35ත් 40ත් අතරයි. එබැවින් මියගොස් තිබූ බහුතරය මැදි වයසේ හෝ වයස්ගත පුද්ගලයින් බව එම පර්යේෂණය සිදුකර තිබෙන පිරිස සඳහන් කර ඇත.



Source link