October 19, 2021

Ada Rata

All news in one location

දැනට සිදුවන කොවිඩ් මර්දන කටයුතු ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා


මේ වන විට කොවිඩ් මර්දන කටයුතු ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ පූර්ණ අවබෝධයකින් තොරව සිදුවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරනවා.

ඒ තුළින් රට ඉතා අවදානම් තැනකට රට තල්ලු විය හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.

මෙරට දෛනික ආසාදිතයින් තවමත් 2,000 ඉක්මවා වාර්තා වන පසුබිමක ලංකාවේ ප්‍රදේශ කිහිපයකින්ම ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළා.

ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ සියලුම ප්‍රදේශවල නිසි පර්යේෂණ සිදුකර නිවැරදි ප්‍රතිඵල ලබා දෙන ලෙස උපුල් රෝහණ මහතා ඉල්ලා සිටිනවා.

එමෙන්ම කරුණු තුනක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය දරුණු ලෙස හිස එසවීමේ අවදානමක් ඇති බව උපුල් රෝහණ මහතා අනතුරු අඟවනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මළ සිරුරු සහ නිරෝධායනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය නිසා ආසාදිතයන් යටපත් වීම, ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම සහ මහජනතාව වගකීමකින් තොරව හැසිරීම යන කරුණු නිසා ඉදිරිය දැඩි ලෙස අවදානම් බවයි ඔහු සඳහන් කළේ. (colombotimes.lk)



Source link