October 26, 2021

Ada Rata

All news in one location

දැනට අනුගමනය කරන ක්‍රම හරහා කොවිඩ් ආසාදිතයින් අවම කර ගැනීම ගැටළුවක් බව PHI සංගමය කියයි


දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් වී නොමැති බව මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

දැනට අනුගමනය කරන ක්‍රමවේද හරහා මෙම තත්ත්වය අඩු කර ගැනීමේ ගැටළුවක් පවතින බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව මින් එහාට ගිය දෛනික කොවිඩ් ආසාදිතයින් පාලනය කිරීමේ ක්‍රමවේදවලට යොමු විය යුතු බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමෙන් පසු පහසුකම්වල යම් යම් ගැටළු පවසමින් සෘජුවම මහජන සෞඛ්‍ය පරිෂකවරුන්ට තර්ජනය කිරීම්,අසභ්‍ය වචනයෙන් බැණ වැදීම් සිදුවීම හේතුවෙන් ඔවුන් දැඩි කලකිරීමෙන් මේ පිළිබඳව පැමිණිලි කරන බවයි ඔහු පැවසුවේ.

එම නිසාවෙන් සුළු සුළු අඩු පාඩු නිසාවෙන් ජනතාව වෙනුවෙන් වැඩ කරන නිලධාරීන් අපහසුතාවයට ලක් නොකරමින් පවතින වසංගත තත්ත්වයෙන් රට බේරා ගැනීමට සහය වන ලෙස ඒ මහතා ඉල්ලීමක් කරනවා. (Colombo Times)



Source link