October 27, 2021

Ada Rata

All news in one location

දැඩි සටන් මධ්‍යයේ ඇෆ්ගන් පන්ජ්ශීර් නිම්නයේ බලයත් තලෙයිබාන් යටතට



ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානයේ ග්‍රහණයෙන් මිදී තිබුණු එකම ප්‍රදේශය වූ පන්ජ්ශීර් නිම්න ප්‍රදේශයද තියුණු සටනකින් පසු තලෙයිබාන්වරු සිය අණසකට ගෙන තිබෙනවා. 

ඒ අනුව තලෙයිබාන් සංවිධානය පවසා ඇත්තේ පන්ජ්ශීර් නිම්න ප්‍රදේශයෙද සිය බලය තහවුරු කළ බවයි. 

එම ගැටුම්වලින් සියගණනක් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. 

මෙම නිම්න ප්‍රදේශය අත්පත් කරගැනීමෙන් අනතුරුව කාබුල් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයින් අහසට වෙඩි තබමින් එය සමරා ඇති බවද සඳහන්. 

කාබුල් අගනුවරට උතුරින් පිහිටි පන්ජ්ෂීර් නිම්නය ඇෆ්ගනිස්ථානයේ කුඩාම පළාතක් වන අතර තලෙයිබාන් සංවිධානයට යටත් නොවූ එකම පළාත විය. 

මෙය සාම්ප්‍රදායික තලෙයිබාන් විරෝධී බලකොටුවක් ලෙස සැලකුණ අතර එහි බලය අත්පත්කරගෙන සිටියේ එන්.එෆ්.ආර්. හෙවත් ජාතික විරෝධතා පෙරමුණයි. 

ASK




Source link