October 28, 2021

Ada Rata

All news in one location

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු පළතුරු කිලෝ මිලියන 2.6 ක් විකුණාගත නොහැකිව හිරවෙලා



ආණ්ඩුව ගොවීන්ට එළවළු පළතුරු දඹුල්ලේ තොග පොළට අරගෙන එන්න යැයි කියා අමාරුවේ දැමූ බවත් මේ වනවිට දඹුල්ලේ එළවළු කිලෝ ලක්ෂ 26 ක් විකුණා ගත නොහැකිව ගොඩ ගැසී ඇති බවත් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.   

‘කොරෝනා පළමු රැල්ල අවස්ථාවේදී වගේම මෙවරත් ආණ්ඩුව ගොවියෝ – ව්‍යාපාරිකයෝ – අතරමැදියෝ අමාරුවේ දමා තිබෙනවා. ඊයේ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග රැගෙන එන ලෙස ගොවීන්ට දැන්වූවා. නමුත් අද කිසිදු ව්‍යාපාරිකයෙකු දඹුල්ලට පැමිණ නෑ. එළවළු කිලෝ ලක්ෂ 26 ක් අද දිනයේ දඹුල්ලට රැගෙන විත් තිබෙනවා.’

‘මේ ආණ්ඩුවට මාතලේ දිස්ත්‍රිකයේ එළවළු අස්වැන්න ජනතාවට බෙදා දෙන්න කිසිම වැඩපිළිවෙලක් නෑ.  ‘ඇඳිරි නීතිය’ වචනය කියන්නේ නැතිව ගොවියෝ අන්දමන්ද කරලා අද මහා විනාශයක් කළා. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ මිල තීරණය කරන්නෙ දේශපාලඥයෙක් හා ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් විසින්. ගොවියෝ එළවළු රැගෙන ආ පසුව ඒවා ගොඩ ගහලා ප්‍රවාහන බාධක පැනවූවේ රටේ ආහාර හිඟයක් ඇති කරලා දැවැන්ත ලාබයක් ලබා ගන්න.’

‘රට පුරාම මිනිස්සුන්ට අවශ්‍ය ආහාර වර්ග හිඟයක් තියෙනවා. එහෙම තියෙද්දි මෙහේ ගොවියො තමන්ගෙ අස්වැන්න විකුණගන්න බැරුව ලතවෙනවා. මිනිස්සුන්ට කන්න තියෙන එළවළු අස්වැන්න මෙලෙස විනාශ කිරීම අපරාධයක්. රජය වහාම මේ එළවළු අස්වැන්න මිලදීගෙන පිටපලාත්වලට බෙදා හැරීම ඇරඹිය යුතුයි. මිනිස්සුන්ට කන්න තියෙන එළවළු ටික විනාශ වී යාම වලක්වා ගත යුතුයි.’

මන්ත්‍රීවරිය මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් එසේ පවසනවා.

මේ අතර බණ්ඩාරවෙල ඇතුළු තවත් ප්‍රදේශ කිහිපය එළවලු ගොවීන් සිය අස්වැන්න විකුණාගත නොහැකිව බරපතල දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව වාර්තා වේ.

UN




Source link