November 27, 2021

Ada Rata

All news in one location

තුන්වෙනි රැල්ලේ භයානකත්වය – අප්‍රේල් 14න් පසු දින 50 තුළ කොවිඩ් මරණ 1000ක්. රෝගීන් ලක්ෂයක් !



සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සැමරූ අප්‍රේල් 14 වනදායින් පසුව ඊයේ (03) දක්වා ගතවූ දින 50ක කාලය තුළ මෙරටින් කොවිඩ් මරණ 1000ක් ඉක්මවා වාර්තා වී තිබේ. 

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 600ක් ලෙස සටහන් වූයේ අප්‍රේල් 13 වනදා වන අතර අප්‍රේල් 14 වනදා අවසාන වනවිට ඊට තවත් මරණ 4ක් එකතුවෙමින් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 604ක් දක්වා ඉහළ ගොස් තිබිණි. 

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන නිල වාර්තා වලට අනුව මැයි මස 03 වනදා අවසන් වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1608ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඒ අතර ගතවූ දින 50ක කාලය තුළ මෙරටින් තහවුරු කෙරුණු කොවිඩ් මරණ සංඛ්‍යාව 1004කි. 

එසේම අප්‍රේල් 14 වනදා අවසන් වනවිට මෙරටින් වාර්තා වී තිබුණු සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 95737ක් වූ අතර ඊයේ දිනය අවසන් වනවිට එය 195,844ක් දක්වා ඉහළ ගොස් ඇත. 

ඒ අනුව, එම දින 50ක කාලය තුළ මෙරටින් කොවිඩ් රෝගීන් 100,107ක් ද වාර්තා වී තිබේ. 

RN




Source link