October 17, 2021

Ada Rata

All news in one location

තැපැල් සේවා හෙට සිට යළිත් ක්‍රියාත්මකයි


සියලු තැපැල් සේවා හෙට සිට යළි ආරම්භ කරන බව, තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමඟ එම තීරණය ගත් බවයි.

ඒ අනූව ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම හෙට ඇරඹෙන අතර තැපැල් සේවා කවුළු ද විවෘතව තැබෙනු ඇති.

පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා ජනතාවට තැපැල් කාර්යාලවලින් සේවා ලබාගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළා.(colombotimes.lk)



Source link