October 25, 2021

Ada Rata

All news in one location

තැපැල් කාර්යාලවල වැඩ දින 04 කට සීමා වෙයි



තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නමුත් විවිධ හේතු නිසා තැපැල් කාර්යාලවල දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී තිබෙන බව තැපැල්පතිවරයා පවසනවා. ඇඳිරි නීතිය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බැවින් තැපැල් සේවකයන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බවයි තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

ඒ අනුව තැපැල් කාර්යාලවල කටයුතු දින කිහිපයකට සීමා කිරීමට සිදුව ඇති බවත් මේ පිළිබඳව බළධාරීන් සහ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර ඇති බවත් අදාල නිවේදනයේ සඳහන් වේ.

සෙනසුරාදා සහ ඉරිදා දිනවලට අමතරව බදාදා, බ්‍රහස්පතින්දා දින දෙකේදීද තැපැල් කාර්යාල වසාදැමීමට තීරණය කර ඇති අතර ඒ අනුව තැපැල් කාර්යාල විවෘතව පවතින්නේ සතියකට දින 04 ක් පමණි.

මේ වනවිට තැපැල් සේවකයන් 500 කට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති අතර මේ නිසා තැපැල් කාර්යාල 50 ක කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට ඇති බවද තැපැල්පතිවරයා පවසනවා.

UN




Source link