December 4, 2021

Ada Rata

All news in one location

තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි


බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දක්වා තිබෙනවා.
(colombotimes.lk)

Viber



Source link